මන්නාරම නරුවිලික්කුලම් සහ වන්කාලෙයි වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (24) දිනයේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන ලදැයි සැක කෙරෙන වියළි ඉඟුරු තොගයක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය විසින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නරුවිලික්කුලම් සහ වන්කාලෙයි වෙරළ ප්‍රදේශ තුල තිබූ සැකකටයුතු උර දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කර වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 240කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සිය භාරයට ගත් වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුරුන්කන් සහ වන්කාලෙයි පොලිස් ස්ථාන වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.













