දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන III කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයට අදාළව දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙම වසරේ අගෝස්තු මස 21 වැනිදා පළ කෙරුණා.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා මෙම වසරේ අගෝස්තු මස 25 වැනිදා (2026-08-25) සිට මෙම වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා (2026-09-14) දක්වා අයදුම් කළ හැකි අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ යොමු කළ හැකිව තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවාවල ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස් වී වසර හතරක් ගතවීමට පෙර III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කළ යුතු බව සඳහන්.
එහිදී එම නිලධාරීන්ට අමතරව, 2-I ශ්‍රේණියට උසස්වීම් ලබා වසර 4 ක් ඉක්මවා ගිය ද, 2025 වසරේ ජුනි මස 30 දිනෙන් පසු I වන ශ්‍රේණි උසස්වීම් යෙදෙන ගුරුවරුන් ද I ශ්‍රේණියට උසස්වීම් ලැබීම සඳහා III වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වෙනවා.
මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලයන්හි විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ e – thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
ඒ අනුව මෙම විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයන ක්‍රමවේදය නිර්දේශ කර තිබෙන අතර පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e – thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස, එහි III කාර්යක්ෂමතා කඩඉම් විභාගය යටතේ ඉදිරිපත් කර ඇති විෂය කරුණු අධ්‍යයනය කිරීම තුළින් විභාගයට පෙනී සිටීමට හැකියි.













