රත්මලාන ගුවන්තොටේ දී සැහැල්ලු යානයක් අනතුරට – ධාවන පථය තාවකාලිකව අවහිර වෙයි

රත්මලාන ගුවන්තොටුපොළේ ගොඩබෑමේදී පුහුණු ගුවන් නියමු සිසුවෙක් විසින් පදවන ලද සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම අනතුරින් ගුවන් යානයේ නියමුවාට කිසිදු අනතුරක් සිදුව නැහැ..

මෙම අනතුර හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපොළේ ධාවන පථය තාවකාලිකව අවහිර වී ඇති අතර ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට නිෂ්කාශන කටයුතු සිදුකරමින් පවතිනවා.