ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අයට නිවේදනයක්

තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව ජූලි 05 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 

එදින සිට දිනයක් හා අංකයක් වෙන්කර ගන්නා ලද සීමිත අයදුම්කරුවන් සඳහා පමණක් තම සේවාව ලබාදෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකරන ලද ඉල්ලුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් රටෙහි පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් හැඳුනුම්පත නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දිනයක් හා අංකයක් වෙන්කර දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් නව ඔවුන්ට අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් මඟින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත භාර දී ඉහත ක්‍රමයවේදය ම අනුගමන කරමින් හැඳුනුම්පත ලබාගැනීමට හැකිය.

එසේ හැඳුනුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අය බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර සතියේ වැඩකරන දිනයන්හි දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු වී හෝ පහත සඳහන් දුරකථන අංක මඟින් දිනයක් හා අංකයක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.

*බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය – 0115 226 126 / 0115 226 100

*දකුණු පළාත් කාර්යාලය – 0912 228 348

*වයඹ පළාත් කාර්යාලය – 0372 224 337

*උතුරු පළාත් කාර්යාලය – 0242 227 201

*නැගෙනහිර පළාත් කාර්යාලය – 0652 229 449

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34