මතුගම, කරම්පෑතර ප්‍රදේශයේ වෙල්යායක් හරහා ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැන් කණුවක නැගී පුද්ගලයෙකු නිසා මීගහතැන්න, පහළ හෙවස්ස, ඉහළ හෙවස්ස ,පොල්ගම්පල ආදී ප්‍රදේශ රැසකට අද (23) උදෑසන විදුලිය විසන්ධි කිරීමට සිදු වුණා.
මතුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් බොහෝ වේලාවක් එම පුද්ගලයා සමග කතාබහ කොට දැඩි පරිශ්‍රමයක් දරා ඔහු විදුලි කණුවෙන් බස්සවා ගැනීමට කටයුතු කළ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.
එම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් වන අතර, මත්ද්‍රව්‍ය හේතුවෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය නිසා ඔහු මෙලෙස විදුලි රැහැන් කණුවට නැග ඇති බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයා වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වන අතර, ඔහු අද (23) මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි මතුගම පොලිසිය සඳහන් කළේ.













