ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චත්‍රපති ශිවාජිනගර් හි අඩි 250ක් පමණ ප්‍රපාතයකින් පහළට ඇදවැටී එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ 18 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සිකුරාදා (21) මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇති බවයි.
දුරකථනයක් සම්බන්ධයෙන් පියා සහ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් මත, පුත්‍රයා කඳු මුදුනට පැමිණ ප්රපාතය අසළ සිටගනිමින් තමන් සියදිවි නසාගන්නා බවට මවට සහ පියාට තර්ජනය කර තිබෙනවා.
ඔහුව වළක්වා ගැනීමට ඔහුගේ දෙමව්පියන් සහ අසළ සිටි පිරිස උත්සාහ කළ අතර, ඒ අතර තුර එම ස්ථානයට පොලිස් සහ ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් ද පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් පැය කිහිපයක්ම අදාළ තරුණයා එම ස්ථානයෙන් ඉවතට ගැනීමට උත්සාහයක නිරතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.
පසුව එම තරුණයාගේ පියා විසින් ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ දී දෙදෙනාම ප්‍රපාතයෙන් පහළට ඇද වැටී ඇති බවයි වාර්තා වුණේ.
ඔවුන් දෙදෙනා රපාතයෙන් පහළට ඇද වැටී තත්ත්පර කිහිපයක් ගතවනවාත් සමඟ මව ද එම ප්‍රපාතයෙන් පහළ පැන තිබෙනවා.
එහිදී ඔවුන් තිදෙනාම මියගොස් ඇති අතර, මෙම පවුල මාස හතරකට පමණ පෙර ෂල්ටා ගම්මානයේ එක්දන්ට් නගර් ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඔවුන් අසල්වැසියන් සමඟ එතරම් සම්බන්ධතාවයක් නොපැවැත් වූ බවත්, කෙසේ වෙතත්, ඔවුන් තම සුරතල් බල්ලා සමඟ ගැඹුරින් බැඳී සිටි පවුලක් බව සඳහන්.
මේ අතර පවුලේ අය නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සුරතල් සුනඛයා තවමත් නිවසට වී බලා සිටින බව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.













