කිලිනෝච්චිය පොලිස් වසමේ මුරුසමොටේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු ඊයේ (21) දින රාත්‍රීයේ ට්‍රැක්ටර් රථයකට යටවී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත කිලිනොච්චිය පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 03ක් වූ මුරුසමොටේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය දරුවා සහ ඔහුගේ සහෝදරයා නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයට නැග සෙල්ලම් කරමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේ ඥාතියෙකු විසින් එම ට්‍රැක්ටර් රථය පනගන්වා දරුවන් ට්‍රේලරය තුල සිටියදීම මිදුලේ හැරවීමට යාමේදී ට්‍රැක්ටර් රථයෙන් ඇදවැටුනු දරුවා පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













