බොරැල්ල පොලිස් වසමේ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව අසල මෝටර් රථවාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබා ගන්නා ස්ථානයක් සම්බන්ධව බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවන් තිදෙනෙක් ඊයේ (21) දින දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 39, 52 හා 56 වයස්වල පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ශීර්ෂ පාඨ ඇතුලත් ආදායම් බලපත්‍ර ඉල්ලුම්පත් 02 ක්, මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද සාම විනිසුරුවරියකගේ නම ඇතුලත් රබර් මුද්‍රාවක්, ව්‍යාජ සහතිකපත් සැකසීමවට යොදා ගන්නා හැඳුනුම්පත් වල ජායා පිටපතක්, ව්‍යාජ ලෙස සකස් කිරීමට සූදානම් කර තිබූ ලොරි රථයක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික පිටපතක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද නීතිඥවරයෙකුගේ විස්තර ඇතුලත් රබර් මුද්‍රාවක් හා මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලිපි කටයුතු සඳහා යොදා ගන්නා ෆයිල් කවරයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













