ව්‍යාපාරික හමුවකදී කාන්තාවකට කරදර කිරීමේ සිද්ධියක් නිසා චීනයේ මහත් ආන්දෝලනයක්

චීනයේ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරියෙකු සහ ව්‍යාපාරිකයෙකු ව්‍යාපාරික හමුවකින් අනතුරුව කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන බලධාරීන් සඳහන් කළේ සමාගම් කිහිපයක නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව හංෂෝ නගරයේ කැරෝකේ ශාලාවකදී මෙම කාන්තාවට අතවර කර ඇති බවයි.

පරීක්ෂණවලදී ඇය දෙදෙනා විසින්ම ලිංගිකව අතවරයට ලක්කර ඇති බව අනාවරණය වී ඇතැයි බලධාරීන් පවසනවා.

සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරියා සහ රාජ්‍ය සමාගමකට අනුබද්ධ ව්‍යාපාරිකයා යන දෙදෙනාම ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කර ඇති අතර, මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.

චීනයේ ව්‍යාපාරික හමුවලදී මත්පැන් පානය කිරීම සම්බන්ධ සංස්කෘතිය පිළිබඳවද මෙම සිද්ධියත් සමඟ දැඩි විවේචන එල්ල වී තිබේ. විශේෂයෙන්ම බලය සහ ව්‍යාපාරික සබඳතා අතර පවතින අසමානතාව හේතුවෙන් කාන්තාවන්ට බලපෑම් එල්ල විය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල සංවාදයක් මතුව තිබෙනවා.

සිද්ධිය චීනයේ Weibo සමාජ මාධ්‍යයේ ප්‍රධාන ප්‍රවණතා අතරට පැමිණ ඇති අතර, එක් අදාළ පළ කිරීමකට පමණක් මිලියන 68කට අධික නැරඹීම් වාර්තා වී තිබෙනවා.

චීන කාන්තා පුවත්පතක් පෙන්වා දී ඇත්තේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් දඬුවම් කිරීම ප්‍රමාණවත් නොවන බවයි. ව්‍යාපාරික සබඳතා තුළ බලය අයුතු ලෙස භාවිත කිරීමට ඉඩ සලසන සමාජ හා ආයතනික භාවිතයන් වෙනස් කළ යුතු බවද එම පුවත්පත අවධාරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
අර්චුනා හැමෝගෙන්ම සමාව අරගෙන අවසාන කතාව ඉවර කරයි ?අනුරගේ ටීෂර්ට් එක බල්ලත් එපා කියයි
02:46
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ - මිනිස්සුන්ගේ හිතේ තියෙන ඒ ඇල්ම
01:28
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට අවසන් ගෞරව දක්වන්න දැඩි ආරක්ෂාව මැද ආ පොලිස්පති
01:39
Video thumbnail
නාමල් ඇතුළට ගියත් කෑගහනවා එළියට ආවත් කෑගහනවා - තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් JVP එක දෙනවා
03:17
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට රිදෙන්නම දෙයි - යනවා ඕයි යන්න බොරු කියන්නේ නැතුව
02:08
Video thumbnail
මට හරි සතුටුයි - රටේ හෝටල් බාගයක් මගේනේ - නාමල් එළියට ඇවිත් කිව්ව දේ
04:04
Video thumbnail
FCID ආ නාමල් පැය 04කට පමණ පසු එළියට - දේශපාලන ප්‍රබලයොත් පැමිණෙයි
01:21