ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක ගැටී 05 දෙනෙක්ට දිවි අහිමි වෙයි

මොණරාගල පොලිස් වසමේ වැල්ලවාය – මොණරාගල මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේ කළු පාලම මතදී වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලයින් 10 දෙනෙක් රැගත් ටේරලය සහිත ට්‍රැක්ටර් රථයක ගැටී අද (21) දින අළුයම අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ටේරලයේ ගමන්ගත් පුද්ගලයින්ගෙන් පුද්ගලයින් 08 දෙනෙක් බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඉතිරි තිදෙනා තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මරණකරුවන් අවුරුදු 21, 26, 31, 55 හා 56 ක් වූ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

අනතුරට සම්බන්ධ ටිපර් රථ රියැදුරු හා ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොණරාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22