විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජීට අයත් බව පැවසෙන කෝටි තුනක් වටිනා කොස්ගොඩ, වෙලංගොඩ පිහිටි අක්කර 12ක ඉඩමක්, දේපළ ක්රියා විරහිත කිරීමට කටයුතුකර තිබෙනවා.
කොස්ගොඩ සුජී නැමැති අයට අයත් දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන සිදු කරන ලද විමර්ශනයකට අදාළව අධිකරණ අවසරය ලබාගෙන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මෙම දේපොළ ක්රියා විරහිතකර තිබෙනවා.
ක්රියා විරහිත කරන ලද දේපළ වටිනාකම කෝටි තුනකට වඩා අධික බවයි වාර්තා වන්නේ.













