නාවල සද්ධර්ම රජමහා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරියෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බවට වාර්තා වනවා.
නාවල සද්ධර්ම රජමහා විහාරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවෙසෙන පන්සල බවයි පොලිසිය සඳහන් කළේ.
අද (20) පස්වරුවේ රාජගිරිය පොලිසිය වෙත මෙම සිද්ධිය සම්බන්ධයෙන් ය්තොරට්ය්හුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.













