අනුරාධපුර ශික්ෂණ රෝහලට මිලියන 153ක් වටිනා අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක්

කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පියයුරු පිළිකා මෙන්ම පියයුරුවල ඇතිවන වෙනත් අසාමාන්‍ය ගැටිති හා වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනාගැනීමේ හැකියාව පුළුල් කිරීමත්, මැමෝග්‍රැෆි පරීක්ෂණ සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමත් අරමුණු කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට අතිනවීන මැමෝග්‍රැෆි (Mammography) යන්ත්‍රයක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මෙම නවීන මැමෝග්‍රැෆි යන්ත්‍රය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමත් සමඟ පරීක්ෂණ ධාරිතාව ඉහළ නංවා වැඩි කාන්තාවන් සංඛ්‍යාවකට කඩිනමින් පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව සැලසෙන අතර, පියයුරු පිළිකා ඇතුළු පියයුරු ආශ්‍රිත රෝග තත්ත්වයන් කල්තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් කඩිනමින් යොමු කිරීමේ හැකියාව ශක්තිමත් වනවා.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික හා තාක්ෂණික සම්පත් තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ලබාදෙන රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක සහ කඩිනම් සේවාවන් බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මෙම යන්ත්‍රය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එම වැඩපිළිවෙළ යටතේ කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන ප්‍රධාන රෝහල් පහ වෙත අතිනවීන මැමෝග්‍රැෆි (Mammography) යන්ත්‍ර පහක් ලබාදීමට කටයුතු යොදා ඇති අතර, එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153ක්.

ඒ අනුව මෙම යන්ත්‍ර පහෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 765ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52