ශෂී වීරවංශ පෙර ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශ පෙර ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුවට අදාළ තීන්දුව කියවාදීම සඳහා අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශද අධිකරණයේ පෙනී සිටියා.

ඒ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරුවීමෙන් අනතුරුව මෙම විත්තිකාරියට 2022 වසරේ වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙන බවයි.

එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

එම අවස්ථාවේදී ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායිකාව මහාධිකරණ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි.

එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බවත් එතෙක් මෙම විත්තිකාරිය පෙර ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකාරියට අයිතිවාසිකම් පවතින අතර ඒ අනුව ඇය ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම දැනුම් දීමට යටත්ව ඇයව පෙර ඇප මත මුදාහරින ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉන් අනතුරුව මෙම නඩුව යළි සැප්තැම්බර් මස 27 වන කැඳවීමටත් නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58