භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීම සහ ආධාර අනුබලදීම යන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලික බැංකු නිලධාරීන් හතර දෙනෙකු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, අනුව අදාළ සැකකාර බැංකු නිලධාරීන් හතරදෙනාගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ සැකකරුවන්ගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝග නිකුත් කළා.













