දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්ර භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදා හරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.
අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.













