කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ, බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව එක්ව කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සහ ගොඩනැගිලි ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීමටත්, විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිදු කෙරෙන මූලික අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් (Traffic Study) සිදු කරමින් තිබෙන බවද සඳහන් කෙරුණා.

ව්‍යාපෘතියට අදාළ සමස්ත සැලැස්ම සකස් කර, නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී.හේමචන්ද්‍ර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර සහ රාජ්‍ය නිලධාරීන්ද, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32