අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්. ටී. ටී. ඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඊයේ (18) දිනයේ දී සැකකරුවෙක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.













