ජාතික ජන බලවේගයට බලය හිමි ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය ඉදිකිරීමේ දී අක්‍රමිකතා සහ වංචාවන් සිදුව ඇති බවට චෝදනා කරමින් එම සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පැමිණිල්ල ඉදිරිපත් කර පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මන්ත්‍රීවරුන් පිරිස සඳහන් කළේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සහ විධිමත් අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම ව්‍යාපෘතියේ මූලික ගිවිසුම් මුදල රුපියල් ලක්ෂ 350ක් පමණ වුවත්, මේ වන විට රුපියල් ලක්ෂ 600 ඉක්මවන නව ඇස්තමේන්තුවක් සභාවට ඉදිරිපත් කර ඈති බව එම මන්ත්‍රීවරුන් පිරිස සඳහන් කළා.
මෙය මහජන බදු මුදල් අවභාවිත කිරීමක් බැවින්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ විධිමත් අනුමැතිය නොසලකා කටයුතු කර තිබේද යන්න ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ඔවුන් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.













