උතුරු – නැගෙනහිර ජනතා ගැටළු ගැන සජිත්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂය නියෝජනය කරන දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමු වුණා.

මෙම හමුවේ දී උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවදානය යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා.

විශේෂයෙන් එම පළාත්වල ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන සමාජ, ආර්ථික හා සංවර්ධන ගැටලු මෙන්ම ඔවුන් මුහුණ දෙන අනෙකුත් ප්‍රාදේශීය ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායකවරයා දැනුවත් කළා.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තුව තුළ වඩාත් පුළුල් ලෙස ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.

මෙම හමුව සඳහා එම්. එල්. එම්. හිස්බුල්ලා, M.S.A. වසීත්, M.T.M. තහීර්, තුරෙයිරාසා රවිකරන්, ඉම්රාන් මහරුෆ්, M.S. U. ලෙබ්බේ, රවුෆ් හකීම්, වෛද්‍ය රාමනාදන් අර්චුනා, නිසාම් කාරියප්පම්, කාදර් මස්තාන්, A. අඩෙයිකලනාදන්, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08