නියඟයෙන් හානිවූ වගාවන්ට කඩිනමින් වන්දි – හෙක්ටෙයාරයකට රුපියල් ලක්ෂයක්

වියළි කාලගුණ හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි ගෙවීම් සිදුකරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජයසිංහ ආරච්චි පවසනවා.

ඒ, අනුව මෙම වගා කන්නය අවසන්වීමට පෙර එක හානිය වෙනුවෙන් ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

අක්කර පහක් දක්වා හෙක්ටෙයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදීම මෙහිදී සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා, වී වහාව, බඩඉරිඟු ඇතුළු බෝග වගාවන් 06ක් ඳහා මෙලෙස හෙක්ටෙයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බවයි පැවසුවේ.

ඒ, අනුව ඔහු වගා හානි වූ ගොවීන්ට දැනුම් දෙන්නේ එලෙස හානි වූ වගාවන් සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය වෙත දැනුවත් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මඟින් ගොවින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.