නීති විරෝධී ලෙස මුදල් ගණුදෙනු (උන්ඩියල් ක්‍රමයට) සිදුකළ වයස අවුරුදු 19ක තරුණයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව වේල්ලවීදිය ප්‍රදේශයේ ඊයේ (18) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
එහිදි රුපියල් එක් කෝටි හාර ලක්ෂ හැටහත් දහසක මුදලක් උපයාගැනීම සම්බන්ධව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ සහ ව්‍යාජ රුපියල් 1000 නොට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













