මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත් ඔහුගේ ඇපකරුවන්ගෙන් ඇප මුදල් අය කර ගැනීමටත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (18) නියම කළා.
තවද අදාල ඇපකරුවන් තිදෙනා ඇප මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ට එම මුදල් ගෙවීම දඩයක් ලෙස සලකන බවත් එම දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06 සිර දඩුවම් නියම කරන බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.
ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප තුනට අත්සන් කර සිටි ඇපකරුවන් තිදෙනා අදාල ලක්ෂ 10 බැගින් වු ලක්ෂ 30ක මුදල අද (18) දිනම අධිකරණය වෙත ගෙවා අවසන් කෙරුණා.
මෙම නඩුවට අදාලව සැකකාර බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෑනීම සදහා නිකුත් කර තිබු විවෘත වරෙන්තුව ලබන ඔක්තොම්බර් මස 27 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැඩිදුරටත් නියෝග කළා.













