22 වන සංශෝධනයට එරෙහිව සජබෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව SC/SD/31/2026 අංක යටතේ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කරනු ලැබුවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇති අතර, එහි ව්‍යවස්ථානුකූලභාවය සහ පවතින ගැටලු පිළිබඳ ව අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්