සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 193කට දැවී ගියා.
ඒ අනුව ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 372ක්.
පසුගිය 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 462ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එයට පිළිතුරු සඳහා ශ්‍රී ලංකාවට පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 284ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් රැස්කර ගනු ලැබුවා.
ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා රැස්කර ගැනීමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 372ක්.
අද (18) තරගයේ සිව්වන දිනයයි.













