ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අඩෙල් ඉබ්‍රාහිම් ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වුණා.
මෙම හමුවේදී, සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයා පෞද්ගලිකව දැක්වූ දායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වුණා.
එමෙන්ම දෙරට අතර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ඉටු කළ සේවයට කෘතඥතාව පළ කළ ආරක්ෂක ලේකම්වරයා, තානාපතිවරයාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුබපැතුම් එක් කළා.
තමාගේ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් සහයෝගය සහ උපකාර වෙනුවෙන් තානාපතිවරයා සිය ස්තූතිය පළ කළ අතර, ශ්‍රී ලංකාව සමඟ පවතින ශක්තිමත් සහ සුහද සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඊජිප්තුවේ ඇති කැපවීම ද නැවත තහවුරු කර සිටියා.
එමෙන්ම පවතින ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරට අතර ඉදිරි සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම ඇතුළුව, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමේ මාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.













