වියළි කාලගුණ තත්ත්වයක් පැවතුනත් ජල සැපයුමට ගැටළුවක් නෑ – ජල සම්පාදන මණ්ඩලය

වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය ද ජල සැපයුම සම්බන්ධන්යෙන් ගැටළුවක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසනවා.

සභාපතිවරයා පවසන්නේ ජල සම්පාදන මණ්ඩලය මගින් ලබාදෙන ජලය ගැටලුවකින් තොරව ලබාදීමට මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට ජලය පවතින බවයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී යම්කිසි ආකාරයකින් ජල හිඟයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට භූගත ජලය ලබාගැනීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

අඩු පීඩන යටතේ හෝ ජලය නොලැබෙන ප්‍රදේශ ඇත්නම් එම ප්‍රදේශ සඳහා බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු කරන බවයි අද (17) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහ දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ අතර 2027 වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල දී වියළි කාලගුණයෙන් වැඩි පීඩා එල්ල විය හැකි බව කාලගුණ අංශ මඟින් ජල සම්පාදන මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

, ජල සම්පාදන මණ්ඩලයේ ජලාශ සහ මහවැලි මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල පිරිපහදු කිරීම සඳහා භාවිත කරන ජලාශවල ජල මට්ටම සියයට පනස් හයක මට්ටමක පවතින බවත් ජාතික ජල සම්පාදන හා ජනපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26