අඟුලාන මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ඊයේ (15) දරුණු අනතුරකට ලක්ව තිබුණා.
එම යාත්‍රාව අනතුරට ලක් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තව දුරටත් සිදුකරන බව නාවික හමුදාව නිවේදනය කරනවා.
යාත්‍රාව අනතුර ලක්වීමෙන් පසු එක් නාවිකයෙක් තවමත්ව අතුරුදන්වා සිටිනවා.
අනතුරට පත් වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි තවත් නාවිකයින් 11 දෙනෙකු පොලිසිය සහ ධීවරයින් එක්ව බේරාගැනීමට සමත් වූ අතර, එම නාවික භටයින් 11 දෙනා තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.













