රුමේෂ්ගේ හෙල්ලයට අභියෝග කරන්න ජර්මනියෙන් හෙල්ලයක්

බ්‍රිතාන්‍යය බර්මින්හැම් හිදී පැවැත්වෙන යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගන්නට ජර්මනියේ ජුලියන් වෙබර්ට හැකියාව ලැබුණා.

ජුලියන් වෙබර් මෙහි දී දැක්වූ දකෂතාවය මීටර් 90.40ක්.

යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියක හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දී, මීටර් 90 කට වැඩි දක්ෂතාවයක් දැක්වූ පළමු ක්‍රීඩකයා බවට
පත්වන්නට ඒ අනුව ජුලියන් වෙබර් සමත් වුණා.

මීට පෙර 1998 වසරේදී බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි මීටර් 89.72ක දුරක් වාර්තා යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර ජුලියන් වෙබර් වාර්තා කළ මීටර් 90.40ක දුර, මෙම වසරේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ක්‍රීඩකයෙක් වාර්තා කළ දෙවැනියට හොඳම දුරවීම ද විශේෂත්වයක්.

එය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග වාර්තා කළ මීටර් 92.62ක දක්ෂතාවට පමණක් දෙවැනි වෙනවා.

මේ අතර හෙල්ල විසි කිරීමේ ඉස්සව්වේ ලොව අංක 01 සහ අංක 02 ක්‍රීඩකයන්වන රුමේෂ් තරංග සහ ජුලියන් වෙබර් මේ දක්වා මෙම වසරේ දී එකිනෙකා මුණගැසී නොමැති අතර, අගෝස්තු 20 සහ 21 දෙදින තුළ පැවැත්වෙන ලුසාන් ඩයමඩ් ලීග් තරගාවලිය තුළ බොහෝ විට ඔවුන් එකිනෙනා මුණ ගැසෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25