නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ මධ්‍ය දූපතේ පිහිටි පහන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බාත් පොලිසිය පවසන්නේ.
මරණකරු අවුරුදු 22 ක් වූ මුංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.













