ගාල්ලේ 50 වැනි – ඉන්දියාවේ 600 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය අද ඇරඹේ

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (15) ආරම්භ වනවා.

තරගාවලිය අරඹමින් පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට එක්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 50 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගය ලෙසටයි.

එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් තරග 50ක් පැවැත් වූ ආසියාවේ පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසට ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ සමඟ ඉතිහාසයට එක්වනවා.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ වන අතර, මෙම තරගය ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාකරන 600 වන ටෙස්ට් තරගය ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග මේ දක්වා 46ක් පවත්වා ඇති අතර, ඉන් තරග 22ක ජය ඉන්දියාව හිමිකර ගනිද්දී ශ්‍රී ලංකාවට තරග 07ක ජය හිමිව තිබෙනවා.

එමෙන්ම තරග 17ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට කණ්ඩායම් දෙකම සමත්ව තිබෙනවා.

මේ අතර අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා පිතිකරුවන්ට යෝග්‍ය වූ තණතීරුවක් හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනනජය ද සිල්වා සඳහන් කළේ.

මේ අතර ඊයේ (14) පස්වරුවේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශවලට වර්ෂාවක් පතිත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24