ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත්, ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත්, ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (14) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.
අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ස්වයං-මූල්‍යකරණය මගින් පවත්වාගෙන යනු ලබන ආයතන සහ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ පවත්වාගෙන යන ආයතන 16ක් යටතේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල කාර්යසාධනය මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.
ගොවීන්ගේ වී සහ ධාන්‍ය වේලා ගැනීම සඳහා සහනදායී පදනමක් මත වියළන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මේ වන විට යන්ත්‍ර 45ක් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අයදුම් කළ ආයතන 65ක් අතුරින් තෝරාගත් ආයතන 45කට එම යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කෙරුණා.
දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කුරුණෑගල සහ මාතර මධ්‍යස්ථානවල ඉදිකිරීම් දැනටමත් අවසන් කර තිබෙන බව සඳහන් කෙරුණා.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1000ක වියදමින් ක්‍රියාත්මක ග්‍රාමීය මට්ටමින් සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නුවරඑළිය ආර්තාපල් මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ මොනරාගල මාංශ බෝග සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා ලොකු ළුෑණු සහ බඩඉරිඟු ගොවීන් වෙනුවෙන්ද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා.
එසේම, අමාත්‍යාංශය යටතේ යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල කාර්යභාරය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර ආයතනික මට්ටමින් මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා වුණා.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද නිෂ්පාදන සමූපකාර සමිති ව්‍යාපෘතිය යටතේ, නව නිෂ්පාදන සමූපකාර සමිති 34ක් දැනටමත් ලියාපදිංචි කර ඇති බවත්, මෙම ක්ෂේත්‍රයට තරුණ ප්‍රජාව කැඳවා ගැනීම එහි අරමුණ බවත් මෙහිදී සඳහන් වුණා.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණු අතර නව ගබඩා සංකිර්ණ සහ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලුණා.
එමෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස සහ සමූපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීම මගින් වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කර පාරිභෝගිකයාට වඩා ගුණාත්මක සේවාවක් සහතික කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.
සමුපකාර, මෙගා කෝප් සිටි සහ කෝප් සිටි 2100ක් පමණ රට තුළ පවතින බවත්, මෙමගින් සැලකිය යුතු වෙළෙඳපොළ කොටසක් වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත්, එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා විය. එම කළමනාකරණ දුර්වලතා මගහරවා ගැනීම සඳහා පනතක් සම්පාදනය කරමින් තිබෙන බවද සඳහන් කෙරුණා.
පසුගිය කාලයේ කතාබහට ලක් වූ ත්‍රීපෝෂ සමාගමේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලූ අතර 2026 අයවැය යටතේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, පැය 24ම එහි කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ත්‍රිපෝෂ බෙදාහැරීම සහ අදාළ කාර්යාල වෙත ප්‍රවාහනය කර දීමටද කටයුතු කරන බවත්, ලංකා ත්‍රිපෝෂ ආයතනය වෙත ආහාර සුරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO තත්ත්ව සහතිකය හිමිවී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණා
අදාළ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, ගබඩාකරණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මතුව ඇති ගැටලු මෙන්ම සේවක ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මාස 06 සිට අවුරුදු 03 දක්වා දරුවන්ට ලබා දිය හැකි මට්ටමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා.
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර එහි ගැටලු නිරාකරණය කර ගැනීම සහ අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා දැනුම් දුන්නා.
සමාගම් ලියාපදිංචි කිරීමේදී පවතින ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා දැනට ප්‍රමාද වි තිබෙන අයදුම්පත් 3000ක කටයුතු හැකි ඉක්මණින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවා.
වාණිජ දෙපාර්තමේන්තුවේ 2026 වසරේ කාර්ය සාධන ප්‍රගතිය මෙහිදී විමසා බැලු අතර රටවල් 33කට අදාළ නියෝජිතයින් තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල මගින් මෙම කටයුතු සමග සම්බන්ධ වී සිටින බව අනාවරණය වුණා.
ඉදිරි ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී විදේශ වෙළෙඳපොළ ජය ගැනීම ප්‍රමුඛ අවශතාවක් බවත්, ඒ සඳහා වාණිජ නිලධාරීන්ගේ රාජකාරී ඉලක්කය අන්තර්ජාතික වෙළෙඳපොළ සොයා ගැනීම, අපනයන ඉලක්ක ඉහළ නංවා ගැනීම වැනි ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතු බවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී. ඒ වෙනුවෙන් වෙළෙඳපොළ සමීක්ෂණ සිදු කිරීම සහ වාණිජ මණ්ඩල ආදී ආයතන සමග සමීපව කටයුතු කරමින් එම තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නා.
විශාල වෙමින් පවතින නව වෙළෙඳපොළ කරා යොමු වෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට වාණිජ දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සක්‍රීය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.
පාරිභෝගික සේවා අධිකාරියේ කටයුතු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර දුරගමන් බස් රථ නතර කරන ආපනශාලා සහ පෞද්ගලික රෝහල්වල ආපනශාලා පිළිබඳ විශේෂ පරීක්ෂණ පවත්වා ඇති බවට ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා.
ආහාර පාන ආශ්‍රිත ප්‍රමිතිය සහ මිල ගණන් නියාමනය පිළිබඳ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් ඒ කෙරෙහි පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
පොලිතින් භාවිතය අවම කර ගැනීම වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීම මත පොලිතින් භාවිතය මිලියන 26 සිට මිලියන 16 දක්වා අඩු කර ගැනීමට හැකිව තිබෙන බවත්, පොලිතින් සඳහා විකල්ප සමග මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී සඳහන් කෙරුණා.
ශ්‍රී ලංකාව තුළ රසායනාගාර ප්‍රතීතන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමත්, ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර 2027 අයවැය ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති බණ්ඩාරවෙල සහ මාතලේ ආර්ථික මධ්‍යස්ථානවල ඉදිකිරීම් මෙන්ම මන්නාරම, තාරපුරම් සමූපකාර ගම්මානයේ කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.













