මහනුවර ජාතික රෝහලේ නව කැනීටකරණ ඒකකය හෙට ජනතා අයිතියට පත්කෙරේ

රුපි­යල් මිලි­යන 3103ක් වැය කර­මින් අලු­තින්ම හෘද කැතී­ට­ක­රණ යන්ත්‍ර (Cath lab) 16ක් මෙරට රජයේ රෝහල් පද්ධ­ති­යට ලබා දීමේ ව්‍යපෘතියක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය විසින් ආරම්භ කරනු ලැබුවා.

මෙම අති­න­වීන හෘද කැතී­ට­ක­රණ යන්ත්‍ර 16 කොළඹ, මහ­නු­වර සහ ගාල්ල ජාතික රෝහල් ත්‍රිත්ව­යේද, මඩ­ක­ළ­පුව, රත්න­පුර, බදුල්ල, ගාල්ල, යාප­නය, කළු­බෝ­විල, අනු­රා­ධ­පුර, කුරු­ණෑ­ගල යනාදී ශික්ෂණ රෝහල් සහ ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් මහ රෝහලේ ද ස්ථාපිත කිරී­මට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත.

ඒ අනුව මහනුවර ජාතික රෝහලට අලුතින් එක් කළ නව කැනීටකරණ ඒකකය (Cath Lab) හෙට (15) දිනයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.