‘තොටළඟ පොඩ්ඩි’ ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් “තොටළඟ පොඩ්ඩි” ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද (14) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අධිකරණය ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා ලෙස උපයාගෙන ඇති බවත් ඒකී දේපල ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අදාලව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

එබැවින් මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අදාලව ඊයේ (13) දින අත්අඩංගුවට ගත් බවයි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් සැරයන්වරයා මෙලෙස කරුණු දැක්වූවා.

“ස්වාමීනි, මෙම සැකකාරිය මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරන බවයි. එසේ ලක්ෂ 850කට අධික මුදලක් නීති විරෝධීව උපයා ගෙන තිබෙනවා.ජාඇල ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තොටළඟ දෙමහල් නිවසක් සහිත ඉඩමක් දෙකක්, වැල්ලම්පිටියේ ප්‍රදේශයේ තෙමහල් නිවසක් සහිත ඉඩමක් එම සැකකාරිය මිලදී ගෙන තිබුණ අතර මේ වන විට එම දේපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියා විරහිත කර ඇති අතර කොළඹ සහ මීගමුව මහාධිකරණය මගින් ක්‍රියා විරහිත කිරීම බලාත්මක කර තිබෙනවා.”

“තවද ස්වාමීනි මෙම සැකකාරිය බැංකු ගිණුම් හයක් ඔස්සේ මුදල් ගණුදෙණු කර ඇති බවත් මේ වන විට එම බැංකු ගිණුම් අත්හිටු වීමට කටයුතු කර තිබෙනවා. “

”සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී විමර්ශන ඒකකය වෙනුවෙන් පො.සැ.(38201) සංජීව අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46