ශානි පොලිසියෙන් අයින් වෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකර මහතා සිය වසර 35ක සේවා කාලයක් නිම කරමින් විශ්‍රාම යාමට තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ (30) දින සිය විශ්‍රාම යැවීමේ ලිපිය යැවීමට ඒ මහතා කටයුතු කොට ඇත. ඊයේ දිනට ඒ මහතාගේ 60 වන උපන්දිනයද යෙදී තිබිණ.

ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා දිවයිනේ විවිධ ස්ථාන රැසක සේවය කිරීමෙන් අනතුරුව 2013 අගෝස්තු 25 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කෙරිණි.

මෙරට ආන්දෝලනාත්මක විමර්ශනයන් ලෙස සැලකෙන උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාර එල්ල වීම, පාස්කු ‌බෝම්බ ප්‍රහාරය, රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම, භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතනය ආදියෙහි විමර්ශන සිදුකළේ අබේසේකර මහතාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22