දිට්වා නිසා පූර්ණ සහ අර්ධ හානි වූ නිවාස සඳහා මිලියන 25,000ක් ලබා දී අවසන්

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.

දිට්වා ආපදාවෙන් අනතුරුව යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවිම් පිළිබඳව සහ 2026 ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධව මෙන්ම, “Rebuilding Sri Lanka“ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙහිදී අර්ධ හානියට පත් නිවාස 50,554ක් වෙනුවෙන් රුපියල් මිලියන 13,505ක් පූර්ණ හානියට පත් නිවාස 49,18ක් සඳහා රුපියල් මිලියන 11,510ක් මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය වුණා.

හානියට පත්ව ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සහ ඊට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.

අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය, නැවත පදිංචි කිරීම්, සහන කඳවුරුවල තවදුරටත් රැඳී සිටින පිරිස් සම්බන්ධව ගත යුතු පියවර කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා.

දිට්වා ආපදාවට පත් ප්‍රදේශවලටම ගොස් වත්මන් තත්ත්වය සොයා බලන ලෙසට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, ජනතාවගේ දෛනික ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පෙන්වා දුන්නා.

මේ වන විට යළි ගොඩනැඟීම් කටයුතු සම්බන්ධයෙන් පැන නැඟී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීමට ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ හැකි ඉක්මණින් සාකච්ඡා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනාධිපති කාර්ය සාධක බළකා සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්නා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර යන මහත්වරු සහ කමිටුවේ සෙසු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46