රංගන හේරත්ව අභිබවා යමින් මිචෙල් ස්ටාර්ක් ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වෙයි

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නා බැට පත් වුණා.

ඒ, මෙතෙක් ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අභිබවා යමින්.

බංග්ලාදේශය සමඟ ඩාවින්හි පැවති පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ ආරම්භක පිතිකරු ෂැඩ්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවාගැනීමත් සමඟ ඔහු මෙම විශිෂ්ඨ වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

මේ අනුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් පන්දු යවන්නා බවට ද පත්වීමට මිචෙල් ස්ටාර්ක්ට හැකිව තිබෙනවා.

ස්ටාර්ක් මේ වනවිට ටෙස්ට් තරග 106 කදී කඩුලු 434ක් දවාගෙන සිටිනවා.

මෙම වමත් වේග පන්දු යවනන්නා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර 11 වන ස්ථානයේ පසුවන අතර, ඔහු 1978 සිට 1994 දක්වා තරග 131 කදී ටෙස්ට් කඩුලු 434ක් දවාගත් ඉන්දීය පුරාවෘත්තයක් වන කපිල් දේව් සමඟ සමතැන ගෙන සිටිනවා.

00



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16