දේශසීමා හරහා කෙරෙන ගෙවීම්වල පිරිවැය අඩු කිරීමට BRICS රටවල අතර සාකච්ඡා

BRICS රටවල වේගවත් ගෙවීම් පද්ධති සහ මහ බැංකු ඩිජිටල් මුදල් ඒකක (CBDC) එකිනෙකට සම්බන්ධ කිරීම පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඉන්දීය මහ බැංකු අධිපති සංජේ මල්හෝත්‍රා පවසනවා.

මුම්බායිහි පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දේශසීමා හරහා සිදුකරන ගෙවීම්වල පිරිවැය අඩු කිරීම BRICS රටවලට වැදගත් කරුණක් වී ඇති බවයි.

CBDC සම්බන්ධ කිරීම සහ රටවල වේගවත් ගෙවීම් පද්ධති අතර සබඳතා ඇති කිරීම ඇතුළු විවිධ විකල්ප මේ වනවිට සාකච්ඡා මට්ටමේ පවතින බවද ඔහු සඳහන් කළා.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවලින් සමන්විත BRICS කණ්ඩායමේ 2026 සමුළුව ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය මහ බැංකුව රුපියල ජාත්‍යන්තරකරණය කිරීම සහ දේශසීමා ගනුදෙනු හා වෙළෙඳාම සඳහා දේශීය මුදල් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මක කරන බව මල්හෝත්‍රා පැවසුවා.

මේ අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම පිළිබඳවද ඔහු අදහස් පළ කළා.

කෘත්‍රිම බුද්ධිය අවදානමක් ලෙස පමණක් නොව ප්‍රයෝජනයට ගත යුතු හැකියාවක් ලෙස සැලකිය යුතු බවත්, ඉන්දීය බැංකුවලට එහි භාවිතයෙන් ඉවත්ව සිටිය නොහැකි බවත් ඔහු පැවසුවා.

එමෙන්ම බැංකු භාවිත කරන සියලුම AI ආකෘති හඳුනාගෙන, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහිත AI පාලන ප්‍රතිපත්ති ස්ථාපිත කළ යුතු බවද ඉන්දීය මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27