ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
ලිපියේ සඳහන් වන පරිදි එම ලිපිය නිකුත් කර ඈත්තේ 2026.07.31 වන දිනයි.
එම ලිපියෙහි උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ රජය විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණ පද්ධතියේ සුරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරලීමට හේතු වන බවත් මෙම පූර්වාදර්ශය අනාගතයේ දී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහමුලින්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කරමින් අධිකරණ විනිශ්චකාරතුමන්ලාගේ සංගමය, නිතී විශාරදයින් මෙන්ම සිවිල් සංවිධාන ද පෙන්වා දී බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනා මාලාව තුළින් ද මෙම යෝජිතසංශෝධනයේ ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවද එම පිළියෙ සඳහන් වනවා.
අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙලක් අදාළ සියලු අංශ සමඟ සකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව උන්වහන්සේලා එම ලිපියේ ප්‍රකාශ කර ඇති අතර ම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ද ජනාධිපතිවරයා වෙත සිහිපත් කරන බව ද එම ලිපියේ සඳහන්.
එම සම්පූර්ණ ලිපිය පහතින්,















