ජනපති සමඟ සාකච්ඡාවට නීතීඥ සංගමය ජනපති ලේකම් කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

එහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සමඟ නීතීඥ සංගමය සාකච්ඡා කිරීමට නියමිතයි.