යට ඇඳුමේ දුම්කොළ සඟවාගෙන අධිකරණයට ආ තරුණියක් අත්අඩංගුවට

මීගමුව අධිකරණයට යට ඇඳුමේ දුම්කොළ සඟවාගෙන ආ 21 හැවිරිදි කාන්තාවක් මීගමුව අධිකරණයේ ආරක්ෂාව භාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) උදෑසන නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර නඩු සඳහා පැමිණි පුද්ගලයන් පරික්ෂා කිරීමේ දී කාන්තාවන් පරික්ෂා කරන සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා නිලධාරිනිය පරික්ෂා කිරීමේ දී යට ඇඳුම ප්‍රදේශයේ වෙනසක් දැනීම හේතුවෙන් ඇති වූ සැකය මත පරික්ෂා කිරිමෙි කුටිය තුළට රැගෙන ගොස් වැඩිදුරටත් පරික්ෂා කර තිබෙනවා.

එහිදි යට ඇඳුම තුළ සඟවාගෙන සිටි දුම්කොළ සමඟ මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීගමුව අධිකරණය භාර ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියදර්ශන බණ්ඩාර විසින් අත්අඩංගුවට පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබුණා.

විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබුණේ බන්ධනාගාරයට යන රැඳවියන්ට ලබා දීමට එම දුම්කොළ රැගෙන විත් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21