රත්මලානේ සයිමාට රැඳවුම් නියෝග – අනෙක් සැකකරුවන් දෙදෙනා 17 දක්වා රිමාන්ඩ්

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන ‘රත්මලානේ සයිමා’ නමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

සැකකරු අද (11) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අතර ‘රත්මලානේ සයිමා’ සමඟ ඊයේ (10) මැලේසියාවේ සිට ගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) දින ගුවන්තොටුපළ පොලිසිය මගින් මීගමුව අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදි ගුවන්තොටුපළ පොලිසියේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, මෙම සැකකරුවන් දෙදෙනා අපරාධකරුවෙකු වන රත්මලානේ සයිමා නැමැත්තා සමඟ රැඳි සිටිය දී මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවයි.

එහිදී අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළේ සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

වැඩිදුරටත් විමර්ශන සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වන්නේ, සැකකරුවන් වන්නේ ලඩ්ඩු හන්දිගේ ලසන්ත ලක්මාල් සිල්වා සහ වියානගේ ඉෂාන් ශලින්ද කුමාර යන අයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14