මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අවශ්‍ය බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් නම් කළා.

මෙම සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි ඇති අතර පසුව ඇප ලබා නිවසට පිටව ගොස් තිබුණා.

එබැවින් එම සැකකරු සැඟව සිටි බවත් විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියා.

එම සැකකරු නඩුවේ අංක 32 වැනි සැකකරු ලෙස නම් කල අතර අද (11) දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කළා.

මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62ක් නම් කර ඇති අතර 38 දෙනෙක් අධිකරණයට ඉකුත් 7 වැනිදා ඉදිරිපත් කළා.

ආරක්ෂක හේතු මත එම සැකකරුවන් ගේ නම් විවෘත අඅධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරියේ නිල මැදිරියේ දී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළා.

ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කල රැඳවියන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) කැඳවනු කබුව.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චිගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න, උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග සහ අනිල් අසේල, හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25