කංජිපානිගේ ඥාතියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ගැන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන හමුවේයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොටහේන පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් සැරයන් (12104) කැලුම් ප්‍රියන්ත පවසා සිටියේ නාදුනන වෙඩිකරුවන් දෙදෙනෙකු ලෙස ඇවිත් හිසට සහ බෙල්ලට වෙඩි තබා ඇති බවයි.

එලෙස වෙඩි වැදී ඝාතනයට ලක්ව ඇත්තේ ව්‍යාපාරිකයකු වන සංඝරාජ මාවතේ අංක 480 පදිංචි මොහොමඩ් අස්පි මෝහිදින් නමැත්තෙක්.

සිද්ධියට අදාළව සැකකරුවන් සොයා විමර්ශන කටයුතු සිදුකරන බවත් තවමත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවු බවයි එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කළ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39