ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

අදාළ සාකච්ඡාව හෙට (12) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ ආතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිතව ද දැනුම් දී තිබුණා.