ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මේ වනවිට විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.