ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් කොළඹ සිනමන් ලේක්සයිඩ් හීදී සංවිධානය කරන ලද අරමුදල් රැස්කිරීමේ උත්සවයකට පසුගිය දා එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී රටේ කලාකරුවන් සඳහා ඔහුගේ සහයෝගය නැවත වරක් තහවුරු කරමින් සංගමයේ සුභසාධන අරමුදල සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මුදලක් පරිත්‍යාග කළා.
ශ්‍රී ලංකාවේ කලා ප්‍රජාවට සහාය වීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ සංගීතය සෑම විටම මානසික සැනසිල්ල ලබා දෙන බවත් එය මානසික ආතතිය දුරු කරන කාරකයක් ලෙස ද කටයුතු කරන බවයි.
එසේම තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙන් තමා ද කලාකරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු කරන බවත් මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.
කලාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව, මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන කලාකරුවන්ට සහාය වීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙසේ පරිත්‍යාග කරනු ලැබුවා.













