වැලිගම මුහුදු තීරයේ සෆ් ක්රීඩාවේ යෙදෙමින් සිටි ටියුනීෂියානු ජාතිකයෙක් දියවැලකට හසුවීමෙන් පසු අතුරුදහන් වී තිබෙනවා.
එලෙස අතුරුදන්ව සිටි විදේශිකයාගේ නිසල සිරුර සිරුර අද (09) උදැසන වැලිගම වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගත් බව වැලිගම පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙරට සංචාරය සඳහා පැමිණ සිටි 21 හැවිරිදි ටියුනීෂියානු ජාතික තරුණයෙක්.
ටියුනීෂියානු ජාතික සංචාරකයන් පිරිසක් ඊයේ (08) දින පස්වරුවේදී වැලිගම, පරණ කඩේ වෙරළ තීරයේ සෆ් ක්රීඩාවේ යෙදෙමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේදී මුහුදේ ඇති වූ දැඩි සුළං තත්ත්වය සමඟ එම සංචාරකයා දියවැලකට හසුවීමෙන් අතුරුදහන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ නමුත් අතුරුදහන් සංචාරකයාගේ නිසල සිරුර අද (09) උදෑසන වැලිගම, පරණ කඩේ වෙරළ තීරයට ගොඩ ගසා තිබිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කාරනු ලබනවා.













