ගිරිඋල්ල පොලිස් වසමේ මතව, හමනාගොඩ අතුරු මාර්ගයේ පහල කටුගම්පල ප්‍රදේශයේදී ඊයේ (08) දින රාත්‍රයේ, මතව දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු අවුරුදු 22 ක් වූ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගිරිඋල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













