කවුරු පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය විනාශ කරන්න කටයුතු කළත් අප එය සුරක්ෂා කර ගත යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයට, හෙළ වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මීට පෙර නොමැති කොන්දේසි සේම පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයේ නියැලී ගුරුවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට වයස් සීමා දමා මෙම ක්ෂේත්රය විනාශ කිරීමට රජය උත්සාහ කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සමග කරන සාකච්ඡාව අතරතුර විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියා.
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය දූදරුවන්ට ඉගැන්වීමේත් සීමා දමා වෛද්‍ය සිසුන් පුහුණු වීමේ කාලය සම්බන්ධ කාලසීමා පනවා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය විනාශ මුඛය කරා ගෙන යන තත්ත්වයක් මතුව ඇති බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය යන්න මහපොළොවේ යථාර්ථයක් නිසා මේ ක්ෂේත්රය ප්‍රගුණ කිරීමට ලබා දිය හැකි සහාය හා ශක්තිය ලබාදෙන බවත් ඔහු මෙහිදී පැවසුවා.
හෙළ වෙදකම, පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සුරක්ෂා කරන්න අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.













